BREAKING NEWS
Search

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්නගේ අභිරහස් මරණය ගැන ඇසෙන කතාව

41756

‘කෝපිකඩේ’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයෙකු වන සුදම් චන්දිම දයාරත්න මහතා අභිරහස් ලෙස මියගොස් තිබේ. 53 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකු වන අතර, ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙසද සේවය කළේය. ඔහුගේ දේහය කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී 21 දින සොයාගෙන ඇති බව වැල්ලම්පිටිය පොලීසිය තහවුරු කරයි.

දයාරත්න මහතාගේ බිරිඳ නිවසින් බැහැරව ගොස් සිටි අවස්ථාවක මෙම සිදුවීම සිදුවී ඇත. සිය සැමියා දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා සැක සිතූ ඇය නැවත නිවසට පැමිණ පරීක්ෂා කර තිබේ. නිවසේ දොරගුළු ඇතුළතින් වසා තිබීම හේතුවෙන්, දොර කඩා නිවසට ඇතුළු වූ අවස්ථාවේදී ඔහු කාමරයේ ඇඳක් මත මියගොස් සිටිනු ඇය විසින් දැක ඇත.

හදිසි රෝගී තත්ත්වයක් මෙම මරණයට හේතු වන්නට ඇති බවට පොලීසිය මූලික වශයෙන් සැක පළ කරයි. කොළොන්නාව වැඩබලන හදිසි මරණ පරීක්ෂක, සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණය පවත්වන ලදී. මරණයට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස නියෝග කර තිබේ. වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *