BREAKING NEWS
Search

අයියටයි මල්ලිටයි එකම බිරිඳක්

601

සහෝදරයන් දෙදෙනෙකු එක් කාන්තාවක් හා විවාහ වූ පුවතක් ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයෙන් වාර්තාවනවා.

‘ජෝඩිඩරා’ යනුවෙන් හැඳින්වෙන මෙය හිමාචල් ප්‍රදේශයේ හට්ටි නම් ගෝත්‍රයක පුරාණයේ සිට පැවත එන සම්ප්‍රදායක්.

පවුලේ දේපල බෙදී යාමට ඉද නොදීම මෙම සම්ප්‍රදායේ මූලික අරමුණ වනවා.

නමුත් වර්තමානයේ මේ ආකාර විවාහ සිදුවන්නේ කලාතුරකින් වන අතර පසුගිය වසර හයට, හිමාචල් ප්‍රදේශයේ එක් ගමක ජෝඩිඩරා විවාහයන් සිදුවී තිබෙන්නේ පහක් පමණයි.

අතීත ශ්‍රී ලංකාවේ ද මෙයට සමාන විවාහ ක්‍රමයක් පැවතුන අතර එය හැඳින්වෙන්නේ එකගෙයි කෑම ලෙසයි.

විවාපත් වූ තරුණිය, සුනීතා පවසා සිටියේ ඇය මෙම සම්ප්‍රදාය පිළිබඳ දැනුවත් බවත්, එම තීරණය ගත්‍තේ කිසිදු බාහිර බලපෑමකින් නොවන බවත්.

ඔවුන්ගේ විවාහ මංගල උත්සවය දින තුනක් තිස්සේ පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *