BREAKING NEWS
Search

ගුවන් අනතුරින් පසු සිරවී සිටි සිසුන් 20ක් බේරා ගත් ගුරුවරිය ගැන ඇසෙන සංවේදී කතාව

277

බංග්ලාදේශ ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානයක් පෙරේදා (21දා) ඩකා නුවර මයිල්ස්ටෝන් විද්‍යාලයේ ප්‍රාථමික පාසල් ගොඩනැඟිල්ලකට කඩා වැටීමෙන් පසු එහි සිරවී සිටි සිසුන් 20 දෙනකු බේරා ගැනීමේදී දැඩි පිළිස්සුම් තුවාල ලැබූ එම විදුහලේ ගුරුවරියක වන මහරින් චෞද්රි මහත්මිය මරණයට පත්ව තිබේ.

මේ ගුරුතුමිය පෙරේදා රාත්‍රියේ ඩකා නුවර ජාතික පිළිස්සුම් හා ප්ලාස්ටික් සැත්කම් ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවසන් හුස්ම හෙළුවාය. ගුවන් යානය ප්‍රාථමික අංශයට කඩා වැටීමෙන් පසු එහි සිසුන් ඉවත් කිරීමට උත්සාහ කළ 44 හැවිරිදි මහරින් 100% ක් පිළිස්සුම් තුවාල ලබා තිබිණි.

“ඇය සිසුන් කිහිපදෙනකු ආරක්ෂිත ස්ථානයකට ඇද ගැනීමට සමත් වූ නමුත් ඇයට පැන යෑමට නොහැකි විය. ඇගේ ශරීරයේ වැඩි කොටසක් ගින්නෙන් දැවී ගියේය.” යනුවෙන් පවුලේ සාමාජික සොහෙල් හොසේන් ද එරට මාධ්‍ය වෙත පැවසීය. ඇය වහාම රෝහල වෙත ගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් ඇගේ ජීවිතය බේරා ගැනීමට සටන් කළ නමුත් තුවාලවල බරපතළකම නිසා එය අසාර්ථක විය.

බංග්ලාදේශ සමාජ මාධ්‍ය ඇය තම සිසුන් වෙනුවෙන් දිවි පිදු වීරවරියක ලෙස හඳුන්වා තිබේ.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *