BREAKING NEWS
Search

ඇය කාලයක් බන්ධනාගාරගතවද සිටියා.. ඇසිල්ලකින් ජීවිතයල් උදුරාගත් ඒ සිද්ධිය ගැන තවත් වෙනස් විදිහේ ආරචියක් මෙන්න..

2168
මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයේදී කාන්තාවක් ඉලක්ක කර ගනිමින් ඊයේ රාත්‍රි 9.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණා..
එම ප්‍රදේශයේම පදිංචි අදාළ කාන්තාව සිය පුත්‍රයා සමඟ ත්‍රිරෝද රථයකින් නිවස වෙත යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ වෙඩි තබා පළා ගොස් තිබුණ අතර, එම වෙඩි තැබීම සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණු බවයි දැනගන්නට ලැබුණේ..

මෙම වෙඩි ප්‍රහාරයෙන් 30 හැවිරිදි දෙදරු මවක් වූ එම කාන්තාව මියගොස් තිබෙනවා..

එම අවස්ථාවේ ඇය සමඟ සිටි ඇයගේ දස හැවිරිදි පිරිමි දරුවාද තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා..

ඊයේ රාත්‍රියේ ලැබුණු දුරකථන ඇමතුමකට අනුව අදාළ කාන්තාව ඇයගේ මහ ගෙදර ආසන්නයට පැමිණ ඇත්තේ කිරිමැටියාන ප්‍රදේශයේ සිටයි..

එම අවස්ථාවේ අදාළ කාන්තාව සහ ඇයගේ දරුවා සමග තවත් පිරිමි පුද්ගලයෙක් එම ත්‍රිරෝද රථයේ සිට ඇති අතර ඔහුට කිසිදු හානියක් සිදුව නැහැ..

ඝාතනයට ලක් වූ කාන්තාව මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටින කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ..

ඇයගේ සැමියාද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා..

කුඩු මාලි නමින් හදුන්වන ඇයගේ මව ද මත්කුඩු ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බව පොලිසිය පවසනවා..

මේ වන විට ත්‍රිරෝද රථය හා එහි රියදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා..

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා..

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ සෘජු අධික්ෂණය යටතේ විමර්ශන කණ්ඩායම් 05 ක් පත් කර වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබනවා..

මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි දැනට කරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *