BREAKING NEWS
Search

මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නෙ ඩොනල්ඩ් ට්‍රම්ප්

115

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආණ්ඩුවේ  අකුලෙන් ඇද්දට අපට කරන්න දෙයක් නැතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

“පොලිසියේ වැටුප් වැඩි කරන්න. අවසානයේ ඔබලාට ඉතුරු වෙන්නේ පොලිසිය.වැටුණු රට 2023 දී නැගිටින්න පටන් ගත්තා.රනිල් වික්‍රමසිංහ ජනාධිපති රට බාර දුන්නේ ඩොලර් බිලියන හයක් එක්ක.අලි මැරෙන එකටත් විපක්ෂය වග කියන්න ඕන කියල පරිසර ඇමති කියනවා.මේවා මාර කතා.අපි නෙමෙයි කතුලෙන් අදින්නේ ඩොනල් ට්‍රම්ප්.

මේ ආණ්ඩුවට බදු ගහන්න කියලා අපි ගිහින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කිව්වද?ඩොනල්ඩ් ට්‍රම්ප් අකුලෙන් ඇද්දට අපට කරන්න දෙයක් නෑ.දැන් මූල්‍ය අරමුදල ගෙනාවේ එයාලා වගේ අනිල් ජයන්තලා කතා කරනවා.සමහර ඇමතිලා ඉන්නවා ,මේ ආණ්ඩුව එක්ක තරහයිද කියලා මං දන්නෙ නෑ.අපි වවලා අපි කනවා කියා නීතියක් නැතැයි  කෘෂිකර්ම ඇමති කියනවා.මොන ප්‍රශ්නේ තිබුණත් කෘෂිකර්ම ඇමති කෙනෙක් එහෙම කියන එක වටින්නේ නෑ.ඇමතිවරු කට තියෙන පලියට දොඩවන එක හරි නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *