බියගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් පිරිසක් හදිස්සියේ රෝහල්ගත කිරීමට සිදුවූ පුවතක් පිළිබඳව වාර්තාවේ. ඒ අනුව හතරවන ශේණියේ ” 3 ” පන්තියේ සිසු සිසුවියන් 14 දෙනෙකු අද ( 21 වැනිදා ) දහවල් හදිසියේ අසනීප වී ඇත.
මෙම සිසු සිසුවියන්ට කැසිල්ලක් ඇතිවීම හේතුවෙන් ඔවුන් බියගම රජයේ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිසුන් අතර පිරිමි සිසුන් 08 දෙනෙකු හා සිසුවියන් 06 දෙනෙකු මෙසේ රෝහල් ගත කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව කියති.
මේ පන්තියේ සිසුවෙකු විසින් පාසලට ගෙන එන ලද කාබන් පෑනකින් එම සිසුන්ගේ ඇගේ ඉරි ඇද තිබෙන අතර එම ඉරි වතුරෙන් සේදීමෙන් පසුව ඔවුන්ට කැසීම ඇති වි තිබෙන බවට සැක කෙරේ. මෙය සිදු වූ ආසාත්මිකතාවයකින් ඇති වූ දෙයක් ද යන්න පිළිඹදව විමසීම් සිදුකරයි.



















