පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
“පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් 20%ක් 40%ක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කරලා නැහැ. ඉතුරු 30 තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ. සමහර නිලධාරීන්ට ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒ ඔක්කොමත් එකක් යම් යම් බෝ නොවන රෝග වැළඳිලා තියෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මීට වඩා විධිමත් කරලා, කාර්ය සාදනය වැඩිකරලා පොලිස් නිලධාරීන් කරන රාජකාරිය ඉතාම ඉහළ රාජකාරියක් විදිහට පෙන්වලා තවත් වරප්‍රසාද දෙන්න. පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමු කරලා තියෙනවා. ඒ අවධානයට යොමු කරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා”
ඕපනායක – ජයලත් එම්. විමලසේන

















