BREAKING NEWS
Search

පෙම්වතාව බේරාගන්න ගිය සරසවි පෙම්වතිය දියේ ගිලී අතුරුදන් – වීඩියෝව මෙන්න

1506

මහියංගන – බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළට වැටී සරසවි සිසුවිකය අතුරුදහන්ව ඇතැයි මහියංගණ පොලිසිය පවසයි.

එසේ දියේ ගිලි අතුරුදහන්ව ඇත්තේ රශ්මි ලක්ශිකා මෙන්ඩිස් නමැති වසය අවුරුදු 26ක තරුණියක වන අතර ඇය රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියකි.

අතුරුදහන්ය ඇති තරුණිය රජරට විශ්වවිද්‍යාලයේ සිට සිය පෙම්වතා සමඟ මහියංගණය හරහා හම්බන්තොට ඇයගේ නිවෙස වෙත පෙම්වතාගේ කාර් රථයෙන් යමින් සිටියදී, මාපාකඩවැව 17 කණුව ප්‍රදේශයේ මහවැලි වියානා ඇළ අසලට පැමිණ  දෙදෙනා මදක් ගිමන් හැර ඇත.

පසුව ඔවුන් ඇළ වේල්ලදිගේ දෙදෙනා ඇවිඳ ගෙන ඇළ දිගේ ඉහළට ගමන්කරදී පෙම්වතා එකවරම ඇළට වැටී ඇති අතර පෙම්වතා බේරාගැනීමට පෙම්වතිය ඇළට පැන ඇත.

දෙදෙනාටම පිහිනිමට නොහැකිව ඇළේ සැඩපහට හසුව ගසාගෙන පහළට යද්දී, දියනාමින් සිටි කාන්තාවකගේ කෑගසා ඒ අසල සිටි පිරිසට දන්වා ඇත.

එම කෑ ගැසීමත් සමඟ ඒ අසන්නයේ සිටි මාපාකඩවැව පොලිස් විද්‍යාලයේ සුමේධ බණ්ඩාර ඇතුළු පිරිස ගසාන යමින් සිටි තරුණයා  බේරා ගෙන ඇතත්  ජලයේ ගසාගෙන් යමින් සිටි තරුණිය ජලපහරේ ගිලී සැඟව ගොස් අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *