BREAKING NEWS
Search

හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ධීවරයින් සමග අතුරුදන්

162

හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා තුනක් අතුරින් එක් යාත්‍රාවක් ධීවරයින් සමග අතුරුදන් වී තිබේ.

දැඩි සුළං සහ කුණාටු තත්ත්වය හමුවේ මෙම ධීවරය යාත්‍රාව අතුරුදන්ව ඇති අතර එහි ධීවරයි දෙදෙනෙකු සිට තිබේ.

කෙසේ නමුත් ඉතිරි ධීවර යාත්‍රා දෙකක සිටි ධීවරයින් පිහිනා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ ඇත.

මෙලෙස යාත්‍රාව සමග අතුරුදන්ව ඇත්තේ හලාවත වැල්ල කොළණිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකි.

අනෙක් යාත්‍රා දෙක අතුරින් එක් යාත්‍රාවක් ගල්පරයක ගැටී විනාශ වී ඇති නමුත් එහි සිටි ධීවරයින් ඊයේ රාත්‍රියේම පිහිනා ගොඩබිමට පැමිණ ඇති අතර ඔවුන් ගමන් ගත් ධීවර යාත්‍රාව කරුකුපනේ ධීවර ගම්මානයේ වෙරළ තීරයට ගොඩ ගසා තිබේ.

අනෙක් යාත්‍රාවේ සිටි ධීවරයින් කුණාටුව සමග යාත්‍රාව පෙරළීමෙන් පසු මුතුපන්තිය ධීවර ගම්මානයේ වෙරළට පැමිණ ඇති අතර ඔවුන් එහි සිටි ධීවරයින්ගේ උදව් ඇතිව හලාවත ප්‍රදේශයට පැමිණ ඇත.

මෙම ධීවරය යාත්‍රා තුන හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති අතර හලාවතින් ධීවර කටයුතු සඳහා ගමන් ගත් අතුරුදන් වූ යාත්‍රාවේ ධීවරයින් දෙදෙනා සම්බන්ධව කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් මේ පිළිබඳව සොයා බැලීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 12 හෙළිකොප්ටර් යානයක් යොදා ගනිමින් ඊයේ දිනයේ රාත්‍රිය පුරා සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් යාත්‍රාව සහ ධීවරයින් දෙදෙනා මේ දක්වා සොයා ගැනීමට හැකිව නොමැත.

කෙසේ වෙතත් අතුරුදන් වූ යාත්‍රාව හා ධීවරයින් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් ඔවුන් සොයා විමර්ශන කටයුතු ආරම්භ කිරීමටත් පියවර ගෙන තිබේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *