BREAKING NEWS
Search

අත්අඩංගුවට ගන්න යන විට මන්ත්‍රී රෝහිතගේ දුව ගෙදර නෑ?

315

කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර  නුගගොඩ  නිවසට ගියද එම සැකකාරිය සහ ඇයගේ සැමියා නිවසේ නොසිටි බව  පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතා වන රසික විතාන මතුගම නගරයේදී එම සැක කටයුතු ජීප් රථය සමඟ  පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී එය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *