ඒ වගේමයි එය මෙරට සංචාරය කිරීමේදී ඔවුන්ට තවත් වාසියක් වේවි..
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ ඒ සඳහා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ විධිමත් සැළැස්මක් ක්‍රියාත්මක කළයුතු බවයි..
මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර, අවම වශයෙන් දින 14 සිට ඉදිරියට නිකුත් කළ හැකියි..
කෙසේ වෙතත් මෙරටට වලංගු වන තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදි අදාළ විදේශිකයන්ගේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය මෙන්ම ඊට ඇතුළත් වාහන කාණ්ඩ කෙරෙහි අවධානය යොමු කරන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා…


















