BREAKING NEWS
Search

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දලින් හමුවෙයි

114

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී අද (18) හමු වූ බව දෙහිවල පොලිසිය කියයි

රතු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් එහි දමා ගොස් තිබියදී පොලිසිය මගින් සොයාගැනිනි

යතුරු පැදියක් මෙම ස්ථානයේ ඊයේ  දහවල්  1.30 ට පමණ තිබෙන අයුරු පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරියකු දැක ඒ බව උසස් පොලිස් නිලධාරියෙකුට දැනුම් දී තිබූ බව පොලිසිය සඳහන් කරයි

එම යතුරු පැදියට සවිකරතිබූ අංක තහඩුව මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුවක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

කොළඹ ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුවේ නිලධාරීත් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *