මේ කියන්න යන්නේ ප්‍රධන පෙළේ හෝටලයක් වන කොළඹ ගාලු මුවදොර හෝටලයේ මුළුතැන්ගෙය ගැන ඇසෙන කතාවක්..
මෙරට ප්‍රධාන පෙළේ හෝටලයක් වන ගාලු මුවදොර හෝටලයේ ප්‍රධාන මුළුතැන්ගෙයින් කොටසක් තාවකාලිකව වසා තිබෙනවා.. ඒ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින්..
ආහාර විෂවීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් ඊට හේතුවී තිබුණා.. ඒ පසුගිය දින කිහිපය තුළ හෝටලයෙන් ආහාර ගැනීමෙන් පසුව පාරිභෝගිකයින් කිහිප දෙනෙකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් සහ, අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා සිදුකළ පැමිණිලි කිහිපයක් මුල් කරගෙනයි..
කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර, පූර්වාරක්ෂක පියවරක් ලෙස හෝටල් කළමනාකාරීත්වයට මුළුතැන්ගෙයින් කොටසක් තාවකාලිකව වසා දැමුණු අතර කොළඹ මහනගර සභා ප්‍රකාශකයෙකු පැවසුවේ අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කිරීමෙන් පසුව මුළුතැන්ගෙය නැවත විවෘත කිරීමට අවසර ලෙස උපදෙස් ලබාදුන් බවයි..




















