BREAKING NEWS
Search

හෘදයාබාධයක් වැළදී පාසල් දැරියක් ජීවිතක්ෂයට

448

වයස අවුරුදු 09ක පාසල් සිසුවියක් හෘදයාබාධයක් වැළදී මිය ගිය පුවතක් ඉන්දියාවේ සිකාර් දිස්ත්‍රික්ක‍යෙන් වාර්තා වී තිබේ.

අදාළ දැරිය දිවා ආහාරය සඳහා කෑම පෙට්ටිය විවෘත කරන අතරතුර ක්ලාන්තය වී බිම ඇඳ වැටී ඇත.

එහිදී දැරිය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් සිට ඇති අතර පසුව ඇය සිහිසුන් වී තිබේ.

ඒ අනුව පාසල් කාර්ය මණ්ඩලය විසින් ඇයව වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ඇය මිය ගොස් ඇති බව එරට පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් රෝහලේ වෛද්‍යවරු පැවසුවේ අදාළ දැරියට හෘදයාබාධයක් වැළදී ඇති බවය.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය තවමත් සිදු කර නොමැති බවද සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *