Search

තව තව ලේ කෝප කරන් කමන්ට් දාලා, ඔයැයිලගෙ ආතල් එක ගන්න – දගකාර නිෂිගේ මවගෙන් රිදෙන්න කතාවක්

6390
ඕනම අම්මා කෙනෙක් කැමතියි තමන්ගේ දරුවන් සතුටෙන් ඉන්නවාට.. ඇයත් අන්න ඒ වගේ අම්මා කෙනෙක්..

හතරසිංහ පවුල ගැන මේ දවස්වල කවුරුත් කතා කරනවා නේ..

එකක් ඔවුන් කලාව නිසා ජනප්‍රියයි.. අනික ඔවුන්ගේ සමාජමාධ්‍ය නාලිකා නිසා ඔවුන් ජනප්‍රියයි.. කොහොම වුණත් මෑත කාලයේ මේ පවුලේ පුංචිම කෙල්ල නිෂිනි ගැන ගොඩක් කතා වුණා.. ඇගේ ජීවිතයේ මොන දේ කොහොම සිද්ධ වුණත් නිෂිනි දැන් කාලය ගෙවන්නේ ගොඩාක් සතුටෙන්.. ඒ වගේමයි ඇය දැන් ලස්සන පුංචි සුරංගනාවියකගේ මවක්.. තමන්ගේ ආදරණීය දියණියන් ගැන සමාජ මාධ්‍යයේ පළ වෙන මේ සටහන් ගැන ඇය විටෙක උපේක්ෂාවෙන් බලාගෙන සිටියා.. ආශා තුෂාරි නැතිනම් කවුරුත් ඇයව දන්නේ හතරසිංහ දූවරුන්ගේ මව විදිටයි.. මේ කියන්න යන්නේ, සමාජයේ බොහෝ දෙනා තමන්ගේ දියණියන්ට එල්ල කරන චෝදනා, නැතිනම් විවේචනවලට ඇය ලබාදුන් පිළිතුරයි..

කතා හදන උන් සේරම බෝසත් ද..?
මගෙ දුව කසාද 10ක් කරගත්තත් කසාද නොබැද හිටියත් මට ප්‍රශ්නයක් නෑ..
මොකද මට වැදගත් මගෙ දරුවන්ගෙ සතුට..
අවුරුදු 100ක් ජීවත් වුනත් වැඩක් නැ අසතුටෙන් කලකිරිමෙන්..
ටික කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ..
ඒ කාලය තුළ සිනහාවෙන් සතුටින් ධනාත්මක සිතුවිලිවලින් පිරුණු ජීවිතයක් ගත කිරිමයි
අපිට නම් වැදගත්…
අපි කරන ඒවා අපි ගෙනියයි..
ඔයාලගෙ ඒවා ඔයාලට…
ඔයාලා අපි නිසා වදවෙනවට,
ඔයාලගෙ කාලය වැය කරමින් අපි ගැන හිතනවාට ස්තුතියි..
අපි කාටවත් ඕන විදිහට
ජීවත් වෙන්න බැදීලා නෑ…
ලොකෙට අවශ්‍ය විදිහට
ජීවත් වෙන්න අපට අවශ්‍ය නෑ…
ඔයාලට හරි දේ
අපිට වැරදි වෙන්න පුළුවන්..
අපිට හරි දේ
ඔයාලා අකමැති වෙන්න පුළුවන්..
තමන්ගෙ ශරීරයවත්, තමන්ට ඕන විදිහට පාලනයක් නැති, පාලනය කරගන්න වෙහෙස වෙන මිනිස්සු
අනිත් මනුස්සයෙක් ජීවත ගෙවන හැටි ගැන ඒ අයව පාලනය කරන හැටි ගැන වදවෙනවා..
අපි කනබොන ඒවා
සතුටින් ඉන්නවා
දකින්න බැරි කමක් තියන අය
බොලොක් කරලා දාන්න…
ඊර්ෂ්‍යාව කියන දෙය උත්සන්න වෙලා ඔයාලා ලෙඩ වෙයි කැත වෙයි..
ආතල් එකක් නම් අපිටත් සතුටුයි..
පීඩනයට පත් වෙලා ඉන්න
සමහරක් ජීවිත
අපි නිසා හරි
ඒ පීඩනයෙන් මිදෙන්න උදව්වක් වෙන නිසා..
අපෙ දේවල් හොයන ගමන් චුට්ටක්
තමන්ගෙ පවුල්වල
දෙවනි ,
තුන්වෙනි කසාද ,
ගෑනිට මිනිහට හොරෙන්
කොටුපැනපුවා,
තවමත් තමන්ගෙ ගෑණීට
දරුවන්ට හොරෙන් ගෑනු
තියන් ඉන්න ඒවා,.
මිනිස්සු තියන් හිටපු
හවුලෙ කාපුවා
තවමත් කන
ලමයි හදලා කසාද බැදපුවා..
කසාද නොබැදම ලමයි හදපුවා
තමන් දිහා
තමන්ගෙ අම්මා ,තාත්තා
අයියා අක්කා ,නැන්දා මාමාලා දිහාත් ටිකක් බලාගන්න..
අපේ සතුට නැතිකරන්න ඔය කියන ඒවා එකක්වත් ගනන් නොගෙන සතුටින් ඉන්න අපි දන්නවා.
තව තව ලේ කෝප කරන් කමන්ට් දාලා, ඔයැයිලගෙ ආතල් එක ගන්න,,
ඔයාලටත් අපි වගෙම සතුටින්
ඉන්න ලැබේවා
සුවපත් වෙත්වා !
ඉක්මනින් සසර ගමන
කෙලවර වී නිවන් දකිත්වා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *