මේ කියන්න යන්නේ මොරටුව ප්‍රදේශයම කැළඹූ නැටුම් ගුරුවරියකගේ කතාවයි..
සැකකාර ගුරුවරියගේ නිවසේ තිබී රුපියල් අනූපන් දහසක ව්‍යාජ 5000 නෝට්ටු 19 ක්ද ඒවා මුද්‍රණය කරන යන්ත්‍රය, මෙරට වලංගු මුදල් රුපියල් හතළිස් එක්දහස් එකසියයක්ද පොලිිසිය භාරයට ගෙන තිබුණා…
මොරටුව නගරයේ මාළු වෙළෙඳසලකට පැමිණි කාන්තාවක් ව්‍යාජ මුදල් මාරු කිරීමට උත්සාහ කරන බවට ලද තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී සැකකාරිය සන්තකයේ ව්‍යාජ 5000/= නෝට්ටු 10 ක් තිබී සොයාගෙන තිබුණා..
අනතුරුව සැකකාරියේ පදිංචි මොරටුව රාවතාවත්ත, පළවන පටුමග නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ තිබී තවත් ව්‍යාජ නෝට්ටු රැසක් සහ මුද්‍රණය කිරීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රය ඇතුළු උපකරණ පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකාරිය කාණ්ඩ දහයකින් ව්‍යාජ රුපියල් 5000/= නෝට්ටු මුද්‍රණය කර තිබූ බවත් එම නෝට්ටු අටක් ඒ 4 කොළවල අලවා තිබූ බවත් පොලිසිය සඳහන් කරනවා..
සැකකාරිය 52 හැවිරිදි කාන්තාවක වන අතර මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස්ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ..
















