BREAKING NEWS
Search

ඇළකට වැටී අවුරුදු 02ක සිගිත්තෙකුට අත් වූ සෝචනීය ඉරණම

576

අක්කරපත්තුව ප්‍රදේශයේ මීරා ඕඩෙයි ඇළට වැටී වයස අවුරුදු 02ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම දරුවා වතුර මත පාවෙමින් සිටියදී ඥාතීන් විසින් සොයා ගෙන පසුව අක්කරපත්තුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු අද සිය දෙවැනි උපන්දිනය සැමරීමට නියමිතව සිට ඇත.

මීරා ඕඩෙයි ඇළට වැටී පසුගිය ජනවාරි මාසයේදී ද 6 හැවිරිදි දරුවෙකු මියගොස් තිබුණි.

කෙසේ වෙතත් මෙම මරණවලින් පීඩාවට පත් ප්‍රදේශයේ ජනතාව “මීරා ඕඩෙයි ජලාශය වටා ආරක්ෂිත වැටක් හෝ තාප්පයක් ඉදිකළ යුතුයි” යනුවෙන් සටන් පාඨ කියමින් ඊයේ (15) සවස විරෝධතාවයක ද නිරත වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *