මේ රිලා ප්‍රශ්නයක් මුල්කර ගෙන ජීවිතයක් අහිමි වුණු පුවතක්.
නිවසක සුරතලයට ඇති කරනු ලැබූ රිළවකු යාබද නිවසක දියණියක සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුර දිගයෑමෙන් ඇතිවූ පිහි ඇනුමකින් එක් අයකු මියගොස් තිබෙනවා.
මාතලේ යටවත්ත තුත්තිරිපිටිය දූල්ලෑව ප්‍රදේශයේ පදිංචි සරත් වීරසිංහ යන අයෙක් මෙලෙස පිහි ඇනුමෙන් මරණයට පත්ව ඇත.
පොලිසිය සදහන් කරන්නේ යාබද නිවසෙහි සුරතලයට ඇති කරනු ලැබූ රිළවකු මරණයට පත් පුද්ගලයාගේ දියණියක සපා කා ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදුව ඇති බවයි.
එහිදී රිළවා සුරතලයට නිවසේ ඇති කරනු ලැබූ පුද්ගලයා විසින් පිහියකින් ඇන අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වූ බව යටවත්ත පොලිසිය සඳහන් කරනවා.
සැකකාර පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු යටවත්ත පොලිසිය මගින් සිදු කරනු ලබයි.

















