BREAKING NEWS
Search

කවුරුත් ආදරය කරන සුරූපී නිලියක් පිළිකා මාරයා සමඟ සටන්වැද ජීවිතයෙන් සමුගනී..

9286

ඇය මේ ගෙවූ ජීවිත කාලයේ අපහසුම සමය ගත කරන්නට ඇත්තේ ඒ දරුණු පිළිකා මාරයා සමඟ සටන් ගන්න ගත්තේ මොහොතේ පටන් බව මේ වන විටත් ඇයට ආදරය කරන රසික රසිකාවියන් දන්නා පුවතක්..

මේ කියන්නේ දකුණු කොරියානු නිළියක් නික්ම ගිය පුවත ගැන ඇසෙන සංවේදී කතාවක්..

ආමාශ පිළිකාවක් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටි දකුණු කොරියානු නිළි කැන්ග් සියෝ-හා,ඊයේ ජීවිතක්ෂයට පත් වුණා… මියයන විට ඇයට වයස අවුරුදු 31 ක්…

ඇගේ මරණය පිළිබඳ පුවත 2025 ජූලි 14 වන දින දේශීය මාධ්‍ය විසින් තහවුරු කර ඇති අතර, Kbizoom හි වාර්තාවකට අනුව , ඇයගේ අවමංගල්‍ය කටයුතු බන්පෝ-ඩොං හි සෝල් ශාන්ත මේරි රෝහලේ අවමංගල්‍ය ශාලාවේ 8 වන කාමරයේ පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ…

අවමංගල්‍ය පෙරහැර ජූලි 16 වන බදාදා KST කොරියානු වේලාවෙන් පෙ.ව. 7:40 ට ආරම්භ වන බවත්, සෝල් අනුස්මරණ උද්‍යානය හරහා ගොස් ඇගේ ආදාහනය සමඟ අවසන් වන බවත් වාර්තා වෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *