BREAKING NEWS
Search

වියානා ඇලට මෝටර් රථයක් පෙරළී දෙදෙනෙකු මරුට

260

මහියංගන – බදුල්ල මාර්ගයේ මාපාකඩවැව 17 කණුව අසලින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මහවැලි වියානා ඇළට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලීය නිලධාරීන් මහියංගණ පොලිසිය හා ගම්වාසීන් ඒක්ව කඩිනමින් වියානා ඇළට පෙරළුන කාර් රථය මහත් වෙහෙසක් දරා ගොඩ ගෙන ඇති අතර එහිදී මෝටර් රථය තුළ පුද්ගලයන් දෙදෙනෙකු සිට තිබේ.

පසුව ඔහුන් කඩිනමින් ගිලන් රථයක් මගින් මහියංගණ මුලික රෝහලට රැගෙන ගියද,  ඒ් වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *