BREAKING NEWS
Search

අත්අඩංගුවට ගත් DMT හිටපු සහකාර කොමසාරිස්වරිය ඇතුළු නිලධාරින්ට ඇප

113

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක සහ එම දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරවරු දෙදෙනකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කළාය.

මෙහිදී ම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවා දායකයින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව කියා සිටියේය.

කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බලා එක් එක් සැකකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *