ගනේමුල්ල පොලිස් වසමේ අමුණුගොඩ ප්‍රදේශයේ නිවසකට පෙරේදා (11) දින රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලැබී ඇති තොරතුරු මත සමාජ ක්‍රියාකාරිනි රසිකා කෝරළගේ ගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
මෙහිදී වෙඩි ප්‍රහාර පහක පමණ සලකුණු නිවෙසේ සහ ගේට්ටුවේ දක්නට ඇති බව පවසයි. සමාජ ක්‍රියාකාරීනි රසිකා කෝරළගේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
ඒ අනුව ඇය පවසා ඇත්තේ පෙරේදා (11) රාත්‍රී 11.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් තම නිවස ඉදිරිපිට යතුරුපදිය රේස්කරන හඬ ඇසුණු බවයි.
එසේම එම අවස්ථාවේ දී යම් පිපිරුම් ශබ්ද කිහිපයක් තමන්ට ඇසුණු බවත් ඇය පවසා ඇත.




















