බස් රථයක ගැටුණු තරුණයන් දෙදෙනෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම

507

මීරිගම පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී  සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුද්ගලික බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර හේතුවෙන් යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනා බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දෙදෙනාම මියගොස් තිබේ.

මෙසේ මියගොස්  ඇත්තේ අවුරුදු 25 හා 35 වයස්වල පසු වූ අමිතිරිගල හා දෙහිඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අනතුරට සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *