කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ගේන්න ගිය සීඅයිඩි නිලධාරීන් හිස් අතින් දිවයිනට

315

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට වාර්තා පළ විය.

පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර පසුව ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී යළි මෙරටට පැමිණිමට නියමිත බවත් වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *