BREAKING NEWS
Search

ගයින්ඩරයක් තලයක් කැඩී පපුවට කිදා බැස සිසුවෙක්ට අත් වූ ඉරණම ගැන ඇසෙන ඇග හිරිවැටෙන කතාව

870

ගයින්ඩරයක් මගින් පී.වී.සී. බටයක් කපමින් සිටියදී එහි තලයක් කැඩී ගොස් සිසුවෙකුගේ පපුවේ වැදීමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීමෙන් පසු අද (11) මියගොස් ඇති බව කටාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කටාන ප්‍රදේශයේ පදිංචි ඩී.එස්. සංජීව අලහකෝන් නැමැති සිසුවෙකි.

එම සිසුවාගේ මහප්පා විසින් ගයින්ඩරයකින් සේවා සපයන වැඩ පළක් පවත්වාගෙන යන අතර  බාප්පා නොමැති අවස්ථාවේදී මෙම සිසුවා ගයින්ඩරයක් මගින්පී.වී.සී. බටයක්  කපමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

එහිදී ගයින්ඩරයේ තලයේ කොටසක් කැඩී ගොස් මෙම සිසුවාගේ පපු  ප්‍රදේශය  පසාරු කර පපුව තුළට කිඳා බැස තිබූ බව පොලිසිය පවසයි.

දේහය සම්බන්ධයෙන් පශ්චත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

කටාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *