BREAKING NEWS
Search

ගුවන් අනතුරේ විමර්ශන ගැන ඉන්දීය ගුවන් නියමුවන්ගෙන් වෙනස්ම කතාවක් එලියට

133

එයාර් ඉන්දියා ගුවන් අනතුර සම්බන්ධයෙන් වඩා විනිවිද බාවයකින් යුතු විමර්ශනය අවශ්‍යතාව මතුවන බව ඉන්දීය ගුවන් නියමුවන්ගේ සංගමය පවසයි.

අදාළ විමර්ශන හසුරුවන ආකාරය පිළිබඳව කනස්සල්ල පළ කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් පිරිස් සහභාගී වී ඇත්ත ද යන්න පිළබඳව ගැටලු මතුවී ඇති බවය.

එමෙන්ම ගුවන් නියමුවාගේ වරදින් අනතුර සිදුවූ බවට අනුමාන කෙරෙන දිශාවකට විමර්ශන යොමුවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව ඉන්දීය ගුවන් නියමුවන්ගේ සංගමයේ සභාපති සෑම් තෝමස් සඳහන් කර තිබේ.

පුද්ගලයින් 260කට ආසන්න පිරිසකට මරු කැඳවමින් පසුගිය ජුනි මස 12 වනදා සිදුවූ එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ මුලික වාර්තාවක් ඊයේ නිකුත් කෙරුණු අතර යානයේ එන්ජින් සඳහා ඉන්දන සැපයෙන ස්විච ක්‍රියා විරහිත වීම අනතුරට හේතුවී ඇති බව එමගින් අනාවරණය තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *