BREAKING NEWS
Search

අපි ඉන්නේ එළියේ – අත්අඩංගුවට පත් වුණා කියූ පත්මේ සහ සලින්ත සජීවී වීඩියෝ ඇමතුමක

873

මැලේසියාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත් වූ බවට වාර්තා පළ වූ කමාන්ඩෝ සලින්ත සහ කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාල කල්ලි නායකයන් දෙදෙනා අන්තර්ජාල නාලිකාවක් සමඟ සජීවීව සම්බන්ධ වෙමින් අදහස් පල කර තිබෙනවා.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ඔහුගේ අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම අත්අඩංගුවට පත්ව නැති බවයි.

ඔවුන් කියා සිටියේ මේ මොහොතේ තමන් සිටිනා රට කුමක්දැයි හෙළි කිරීමට නොහැකි බවය.

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් වී තිබූ මනුදිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වූයේ පසුගිය 09 වැනිදාය.

ඔහු සමග තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත ද අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසින.

දර්ශණ : මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අන්තර්ජාල නාලිකාව ඇසුරිනි.   




Leave a Reply

Your email address will not be published. Required fields are marked *