BREAKING NEWS
Search

ඇයි ඔහොම කතා කරන්නේ? නෝනා ළඟ ද ඉන්නේ? – සැමියාගේ උපන්දිනය දා බිරිදවත් පුදුම කෙරවූ දුරකථන ඇමතුම

601
සිය උපන් දිනය දා ලොකු ලොක්කන් සුබ පතනවා යැයි හඟවන්නට ගොස් භාර්යාවගෙන් අම්බානකට ගුටිකන්න සිද්ධ වූ සැමියකු පිළිබඳව අසන්නට ලැබුණු අපුරු කතාවක් තමයි මේ කියන්න හදන්නේ …
තමන්ගේ සැමියාට ඇත්තේ කයිවාරුව විතරක් යයි භාර්යාව ඔහුට නිතරම කිව්වා…

මේ නිසාම ඔහු සිටියේ දැඩි කනස්සල්ලෙන්…

තමා සමාජයේ කැපී පෙනෙන චරිතයක් යැයි ඔහු ද නිතරම හිතුවා…

මේ නිසාම මෙවර එන පනස්පස් වැනි උපන් දිනය දා තමාගේ තරම බිරියට පෙන්වීමට ඔහු සිතා ගත්තා…

තමා දන්නා හඳුනන ලොකු ලොක්කන්ට හෙට උදා වන උපන් දිනය පිළිබඳව ඔහු ඉඟිබිඟි කියා පෑවේ එහෙයිනි. “හා කොහොම ද මම හෙට ලොකු වැඩ වගයක් කරන්න දාගෙන තියෙනවා. හෙට මගේ උපන් දිනයනේ” ඔහු එය ඔවුනට මතක් කර දුන්නේ ඇඟට පතට නොදැනෙන අයුරින්…

ඒ අනුව ඔහුට මුලින්ම උපන් දින සුබ පැතුම පැමිණියේ මෙරට ප්‍රසිද්ධ පක්ෂයක හිටපු මහලේකම්වරයකුගෙන්.. එය ඔහුගේ ඉහේ මලක් පිපුණාක් මෙන් වුණා..

මේ සුබ පැතුම ද සිය ඇඹේනියට ඇසෙන සේ ඔහු සිය ජංගම දුරකතනයේ ස්පීකර් ද ක්‍රියාත්මක කොට තිබුණේය. “කොහොම ද මට තියෙන තැන” යයි ඔහු භාර්යාවට කියමින් ආඩම්බරයෙන් පිම්බුණා…

පක්ෂ කිහිපයක මැති ඇමැතිවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් පාලන ආයතනවල සභාපතිවරු හා වැදගත් යයි කියන කිහිපදෙනකුම ඔහුට සුබ පැතුවා..

ඒ සියලුම සුබ පැතුම් ඔහු සිය භාර්යාවට අසන්නට සලස්වා, ගත්තේ අපූරුම වින්දනයක්. මේ නිසාම ඔහු එදා දවස මුළුල්ලේම සිටියේ සිය ජංගම දුරකතනයට කන් දීගෙන…

ඒ අස්සේ “අනේ මගේ සුදූ, ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා” යි කාන්තා කටහඬකින් ඇමතුමක් ආවා..

එය ද සිය භාර්යාවට ඇසුණා. ඒ එක්කම “මේ ඔයා කවුද? මම අඳුනන්නේ නැහැනේ” යයි ඔහු කිව්වා..

“ඇයි ඔහොම කතා කරන්නේ? නෝනා ළඟ ද ඉන්නේ? එහෙනම් මම පස්සේ කතා කරන්නම්” යයි ඇය කියා දුරකතනය විසන්ධි කළා.

“හා ඔය තියෙන්නේ තමුසෙගේ හොර වැඩ” කියමින් “සුබ පැතුව එකී එක්කම යන්න” යයි කියමින් භාර්යාව ඔහුට තඩි බාන්න පටන් ගත්තා.

ඔහුගෙන් ජංගම දුරකතනය උදුරාගෙන, ආ ඇමතුමට කොතෙක් ඇමතුම් ගත්තත් එයට සම්බන්ධ වෙන්න බැරි වුණා…

ඇමතුම් එනකම් එදා ජංගම දුරකතනය දෙස බලා සිටින බව මිතුරන් පිරිසකට දැන ගැනීමත් සමග මෙය ඔවුන් එකතු වී ගැසූ ගැටයක් බව පසුව ආරංචි වුණා.. ඒ හින්දා ඔහුගේ පවුල අනූනමයෙ බේරුණා… නැත්තම් ඉතිං මේ සිදුවීම නිසා පවුලේ සමගිය නැත්තටම නැතිවෙන්න තිබුණා…

උපුටාගැනීමක්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *