BREAKING NEWS
Search

ස්ට්‍රීට් ෆුඩ්ස් කඩ ඉවත් කිරීමට යෑමෙන් කිඹුලාවල ඇවිලෙයි

33

අපි ගංජා විකුණන්නේ නැහැ. අයිස් විකුණන්නේ නැහැ. කුඩු විකුණන්නේ නැහැ. අපි මෙතන මිනිසුන්ට ලාබෙට කෑම ටිකක් විකුණලා එදා වේල සොයා ගන්නේ. අපිට දරුවො ඉන්නවා. අපිට වෛර කරන්න එපා…” යැයි කියමින් මාදිවෙල කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් කඩ ඉවත් කිරීමට යෑමෙන් කිඹුලාවල ඇවිලෙයි ෆුඩ්ස් කඩ හිමියන් ආවේගශිලීව පැවසීමත් සමග ඊයේ (11දා) ඔවුන් හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙම උණුසුම් තත්ත්වය හමුවේ එම ස්ථානයට පොලිස් නිලධරීහු කණ්ඩායමක් ද පැමිණ සිටියහ. මෙම කඩ මාර්ගයට අවහිරයක් බව පවසමින් එම කඩ ගලවා ලොරියකට පටවන්නට වීමත් සමග තත්ත්වය තවත් උණුසුම් විය. මෙහිදී එක් කාන්තාවක් තම පපුවට ගහගනිමින් ආවේගශීලීව හැසිරෙනු දැකගත හැකි විය.

අපි අවුරුදු කීපයක ඉඳන් මේ ආහාර කඩ කරගෙන යන්නේ. අපෙන් කාටවත් කරදරයක් නැහැ. මේ කඩවල් කිරීමෙන් පවුල් කීයක් ජීවත් වෙනවාද? අපේ පාඩුවේ රස්සාව කරනකොට ආර්. ඩී. ඒ. එකෙන් ඇවිත් කඩ ඉවත් කරනවා. මොන තරම් කැත වැඩක්ද? රටේ නීතියට පටහැනිව අපි වැඩ කරන්නේ නැහැ. සහගහනව මේ කරන කැත වැඩේට. මේවා පලිසන් දේවි. මෙතන අපි හරිම ලාබෙට ආහාර විකුණන්නේ.”

මෙම උණුසුම් තත්ත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් පැටවූ වෙළෙඳසල්වල භාණ්ඩ නැවතත් බිමට බා ඔවුන්ට භාරදෙනු ලැබීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *