ජූනි 23වන දින උපත ලැබූ බිළිඳෙකු ඉන්දීය රුපියල් 50,000කට විකිණීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා..
ඇසෑම් ප්‍රාන්තයේ සිවසාගර් සිවිල් රෝහලේදී වයස අවුරුදු 22ක කාන්තාවක් බිළිඳා ප්‍රසූත කර විකුණා ඇති බවටයි බලධාරින්ට තොරතුරු වාර්තා වී තිබෙන්නේ..
සිද්ධිය සම්බන්ධයෙන් බලධාරින්ට තොරතුරු ලැබුණු පසු ප්‍රාදේශිය පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ අනුව 22 හැවිරිදි මව, ඇගේ මව සහ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි..
පොලිස් ආරංචි මාර්ග ඉන්දීය මාධ්‍යට සඳහන් කර සිටියේ ළමා සුභසාධන කමිටුව (CWC) රෝහලට ගොස් මවට බිළිඳා විකිණීමෙන් වළකින ලෙස පවසා ඇති නමුත්, මව රෝහලෙන් පිටව යාමට පෙර බිළිඳා විකුණා දමා ඇති බවයි..
බිළිඳාගේ මව වන 22 හැවිරිදි කාන්තාව විවාහ වී නොමති බවට ද තොරතුරු හෙලිවී තිබෙනවා…

















