ඔහු මේ ව්‍යාපාරය අරඹා ඇත්තෙත් මේ මෑතකදී ලු..
පොලිසිය සඳහන් කර ඇත්තේ, මෙම අවන්හලට අවම වශයෙන් වෙඩි අටක් එල්ල වී ඇති බවයි..
පසුගිය බදාදා එරට වේලාවෙන් අලුයම 1:50ට පමණ මෙම වෙඩි තැබීම පිළිබඳ පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා..
මෙම වෙඩි තැබීම හේතුවෙන් දේපලවලට හානි සිදුවුවද අවන්හල ඇතුළේ සිටි සේවක පිරිසට හානි කිසිවක් සිදු නොවූ බවටයි වාර්තා වෙන්නේ..
මේ අතර, වෙඩි තැබීමේ වගකීම ජාතික විමර්ශන ඒජන්සියට (NIA) වඩාත්ම අවශ්‍යව සිටින පලාගිය අයගේ ලැයිස්තුවේ සිටින ප්‍රසිද්ධ ඛලිස්තානි ත්‍රස්තවාදියෙකු වන හර්ජිත් සිං ලඩ්ඩි විසින් භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ…
ලඩ්ඩි තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන බබ්බාර් ඛල්සා ජාත්‍යන්තරයට සම්බන්ධ බවට විශ්වාස කෙරෙනවා…
වාර්තාවලට අනුව, ෂර්මා විසින් කරන ලද අතීත ප්‍රකාශයකින් අමනාප වී ඔහු මෙම ප්‍රහාරය සිදු කර ඇති බව සඳහන්..

















