BREAKING NEWS
Search

සුරූපී නිළියක් අභිරහස් ලෙස මරුට

231

පකිස්ථාන නිළියක් සහ නිරූපිකාවක් වන 32 හැවිරිදි හුමයිරා අස්ගර් අලි (Humaira Asghar Ali) අබිරහස් ලෙස මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දේහය ඇය විසූ මහල් නිවාසයේ තිබියදී ඊයේ සොයාගත් බවයි.

ඇය වසර ගණනාවක් තිස්සේ මහල් නිවාසයේ තනිව ජීවත් වී සිට ඇති බව සදහන්.

අසල්වැසියන් ගොඩනැගිල්ලේ පවතින දුර්ගන්ධයක් ගැන පැමිණිලි කිරීමෙන් පසු ඇගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

විමර්ශකයින් විශ්වාස කරන්නේ ඇගේ මරණය අවම වශයෙන් සති දෙකකට හෝ පහකට පෙර සිදු වූ බවයි.

මරණයට හේතුව තීරණය කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා.

ඇය වඩාත් කතාබහට ලක්වූයේ පාකිස්තාන ARY නාලිකාවේ ‘Tamasha Ghar’ රියැලිටි වැඩසටහන සහ 2015 දී තිරගත වූ ‘Jalaibee’ චිත්‍රපටය තුළිනි.

ඇය ‘Laali’ සහ ‘Sirat-e-Mustaqeem’ වැනි රූපවාහිනී කතා මාලාවලට මෙන්ම 2021 වසරේ ‘Love Vaccine’ නම් චිත්‍රපටයට ද රංගනයෙන් දායකව ඇත.

2023 වසරේදී ඇය “හොඳම නැගී එන තරුව” සඳහා වන සම්මානයකින් ද පිදුම් ලබා තිබේ.

ඇයගේ මරණය රසිකයන් සහ කලා ශේස්ත්‍රයේ බොහෝ දෙනෙකු අතර දැඩි ශෝකයක් ඇති කර තිබේ.
Pakistani actor Humaira Asghar Ali found dead in Karachi home | Khaleej  Times



Leave a Reply

Your email address will not be published. Required fields are marked *