BREAKING NEWS
Search

රනිල්ලා – සජිත්ලා ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයෝ

112

රනිල්ලා සජිත්ලා කියන්නේ ජාතික ආරක්ෂාව බින්දුවට දාපු නායකයන් බව සභානායක,ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ප්‍රහාරය යනු ලංකාවේ හෘද සාක්ෂියේ සිදුරක්.මෙහි සැබෑ මෙහෙයුම්කරුවන් කවුදැයි අධිකරණය ක්‍රියාවලියක් හරහා ඔප්පු කළ යුතුයි.පාස්කු ප්‍රහාරය හරහා රාජපක්ෂලාට නැවත බලයට එන්න තත්ත්වයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වී තිබුණා.රනිල් සහ මෛත්‍රී අතර දේශපාලන ප්‍රතිවිරෝධයක් නිර්මාණය කර එක පැත්තකින් ඒ තත්ත්වය නිර්මාණය කළා.ජාතිවාදී සිංහල සහ මුස්ලිම් කණ්ඩායම් රාජපක්ෂලා විසින් 2013 සිට නිර්මාණය කර තිබුණා.මුස්ලිම් විරෝධයක් මුලින් ගොඩනැගුවා.ඒ දේශපාලන අපරාධ කරුවන් සමග අත්පුඩි ගහන විට අපේ හෘද සාක්ෂිය පත්තු වෙනවා.මෙවැනි ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරු කොතෙකුත් ලැබී තිබුණා. ඒවා ගණන් ගත්තේ නෑ යැයි සභානායකවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *