BREAKING NEWS
Search

බොරැල්ලේ වෙඩිතැබීමක්

220

බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ අද (08) රාත්‍රියේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවය.

වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නොමැති අතර, රිවෝල්වර වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර තිබුණි.

සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බොරැල්ල පොලීසිය මඟින් සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *