BREAKING NEWS
Search

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් දිවියෙන් සමුගනී

431

ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබේ.

1984 වසරේදී උපත ලැබූ ජාන් ෂින්වාරි මියයන විට 41 හැවිරිදි වියේ පසුවිය.

ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

අයිසීසී ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයේ සාමාජිකයෙකු වන ෂින්වාරි, 2017 දෙසැම්බර් මාසයේදී සාජා හි ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය අතර එක්දින තරගයක් අධීක්ෂණය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අතර, එක්දින තරග 25 ක් සහ විස්සයි20 තරග 21 ක් සඳහා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *