BREAKING NEWS
Search

රඹුටන් ඇටයක් සිරවී සිඟිත්තෙකු මරුට

2325

නිවසේ තිබූ රඹුටන් ගෙඩියක් රස බලමින් සිටි පස් හැවිරිදි දරුවෙකු රඹුටන් ඇටය සිරවීමෙන් අද (07) දහවල් මියගොස් තිබුණු බව මිද්දෙණිය පොලිසිය පවසයි.

මිද්දෙනිය පල්ලේ ජූලම්පිටිය ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වෙයි.

නිවසට ගෙන එන ලද රඹුටන් ගෙඩි කිහිපයක් රස බලමින් සිටි මෙම දරුවාට රඹුටන් ඇටයක් සිරවී ඇති බව දැනගත් නිවැසියන් දරුවා වහාම වලස් මුල්ල මූලික රෝහල කරා රැගෙන ගොස් තිබුණද ඒ වනවිටත් දරුවා මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

මියගොස් තිබුණේ දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ බාල පිරිමි දරුවාය.

මියගිය දරුවාගේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මූලික රෝහල වෙත යවා ඇති බවද රෝහල් ප්‍රකාශකයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දරුවාගේ වියෝව දරා ගතනොහැකිව මවද සිහසුන්ව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *