BREAKING NEWS
Search

e-NIC ව්‍යාපෘතිය සම්බන්ධව පළවන වාර්තා ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

71

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධතිය සඳහා විදුලිය බෙදාහැරීමේ ඒකක ප්‍රසම්පාදනය පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කරුණු දක්වා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ රජයට හිතවත්කම් ඇතැයි දක්වන ව්‍යාපාර වෙත මෙම ප්‍රසම්පාදන යටතේ අයතා වාසි ලබා දීමට කටයුතු කරනු ඇති බවටත් පළවන මාධ්‍ය වාර්තා සාවාද්‍ය බවය.

එමෙන්ම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉතිරි සියළු ප්‍රසම්පාදන ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙතෙක් සිදුකළ පරිදි ඉහළ පාරදෘශ්‍යතාවයකින්, නිසි ප්‍රමිතියෙන් හා පිරිවැය සඵලදායකත්වයෙන් යුතුව සිදුකරන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *