මියයන විට ඔහු 67 හැවිරිදි වියේ පසුවූ ඔහු කැලිෆෝනියාවේ පිහිටි නිවසේදීයි මියගොස් ඇත්තේ.
එසේම හෘදයාබාධයක් නිසා ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
මැඩ්සන් 1957 සැප්තැම්බර් මාසයේදී චිකාගෝ හි උපත ලබා ඇති අතර, ඔහුගේ පියා දෙවන ලෝක යුද්ධයේ නාවික හමුදාවේ සේවය කර තිබෙනවා.
එමෙන්ම ඔහුගේ මව චිත්‍රපට නිෂ්පාදකවරියක්.
ඔහු සයිඩ්වේස් ඇතුළු චිත්‍රපට කිහිපයක් සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.
එමෙන්ම ඔහු Reservoir Dogs, Kill Bill: Vol. 2, The Hateful Eight සහ Once Upon a Time in Hollywood යන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


















