BREAKING NEWS
Search

දුම්රියේ වඩේ වෙළෙන්දා නියාමකට පිහියෙන් ඇනලා

2251

මොරටුවේ සිට කන්කසන්තුරය දක්වා ඉකුත් 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ප්‍රවේශපත්‍රයක් නොමැතිව වඩේ විකුණමින් ගමන් ගත් අයකු අල්ලා ගැනීමට ගිය දුම්රිය ආරක්ෂක නිලධාරියකුාගේ නිකට ප්‍රදේශය පිහියකින් කැපීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොල්ගහවෙල පොලිසිය කියයි.

දුම්රිය ආරක්ෂක නිලධාරියා පිහියකින් කැපූ වඩේ විකුණන්නා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මෙම ආරක්ෂක නිලධාරියා රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් ගත් මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ එම දුම්රියේ වඩේ විකුණමින් සිටි පුද්ගලයා ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ගමන් කරන බවට හෙළිවීමෙන් පසු ඔහු අල්ලා ආරක්ෂක නිලධාරීන් ගමන් කරන මැදිරියේ රඳවා තබා ගෙන ඇත.

ඒ අවස්ථාවේ වඩේ විකුණන්නා ලූණු කැපීමට උපයෝගී කරගන්නා පිහිය ගෙන ආරක්ෂක නිලධාරියාගේ නිකට ප්‍රදේශය කපා තුවාල කර ඇති අතර පොල්ගහවෙල දුම්රියේ ස්ථානයේ දුම්රිය නතර කළ අවස්ථාවේ පිහිය ද සමග පොල්ගහවෙල පොලිසියට බාර දී ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *