BREAKING NEWS
Search

සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

105

සහල් හිඟයක් මවමින් වෙළෙඳපොළ තුළ මාෆියාවක් ඇති කිරීම වළක්වාලීම සඳහා ආණ්ඩුවට තීරණ ගැනීමට සිදුවන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

කීරි සම්බාවලට ආදේශකයක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීම ද ඉන් එක් තීරණයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“යල කන්නයේ අපේක්ෂා කරන ප්‍රමාණයට අක්කර හෙක්ටයාර් ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් වගාකරලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේ තත්ත්වයන් යටතේ සහල් වෙළෙඳපොළේ හිඟයක් ඇතිවිය හැකි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. නමුත් කාලගුණික තත්ත්වයන් අස්වැන්නේ අඩුවීම් වැනි තත්ත්වයන් එක්ක යම් හෙයකික් අස්වැන්න අඩු වුණොත් එහෙම අපිට සහල් ගෙන්න වෙනවා. පසුගිය දවස්වල ගබඩාවල තිබෙන සහල් ප්‍රමාණය කොච්චරද කියලා බැලුවොත් කීරි සම්බා මෙට්‍රික්ටොන් 85,000ක් තිබෙනවා ගබඩා 670ක. එකේන් පොළොන්නරුවේ වී මෝල්වල විතකරක් තිබෙනවා මෙට්‍රික්ටොන් 75,000ක්. කීරි සම්බා මෙට්‍රික්ටොන් 75,000ක් තියාගෙන සහල්වල මිල රුපියල් 300ට දෙන්න මේ අය සැලසුම් කරන්නේ. කිලෝ 05යේ මල්ලේ ගහනවා 1,300යි  කියලා එකේ එළියේ විකුණනවා 1,500ට  සහල් වෙළෙඳපොළ තවදුරටත් හිඟයන් මවමින් මාෆියාවන් මවන්න හදනවානම් ඒක නවත්ත ආණ්ඩුවට තීරණ ගන්න වෙනවා. ඒ නිසා තමයි කීරි සම්බාවලට ආදේශය GR11 මෙට්‍රික්ටොන් 40,000ක් ගෙනල්ලා වෙළෙඳපොළට නිදහස් කරන්න හදන්නේ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *