BREAKING NEWS
Search

භාතිය ගැන ඇසෙන අලුත්ම ආරංචිය

714

ඉදිරි දකුණු පාදයට වෙඩි වැදීම නිසා ඇති වූ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගීව මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක ඇද වැටී සිටින භාතිය හස්තියාගේ තත්ත්වය බරපතල බව මහව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි . දින කිහිපයක සිටම භාතිය එලෙස අද වැටී සිටි අතර වගකිව යුතු කිසිවෙකුගේ එය එතරම් අවධානයට පාත්‍ර වූයේ නැත .
භාතිය හස්තියාට කඩිනම් ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍යවරයාද උපදෙස් දී තිබිණි .

මේ පිලිබදව සොයා බලා මෙම ඇතාගේ ජීවිත අරක්ෂාව සැලසීම සදහා කටයුතු කරන ලෙස යුද හමුදාපති ලු‍තිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ වෙත උපදෙස් ලබාදීමට , ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ද කටයුතු කර තිබිණි .

අනතුරුව යුද හමුදාපති ලු‍තිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ මැදිහත්වීමෙන් , 15 වන කාලතුවක්කු රෙජිමේන්තුව සහ 9 වන ජාතික ආරක්ෂක බලමුළුවට අයත් බටපිරිස් දැඩි අව් රශ්මියෙන් පීඩාවිදිමින් සිටි ඇතාගේ සිරුර ජලයෙන් සිසිල් කිරීමට කටයුතු කර තිබේ .
එමෙන්ම, හමුදා භට පිරිස කඩිනමින් අව් ආවරණයක් ඉදිකර ඇතා අව්‍ රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇත .
වැලි කොට්ට යොදා හිස් රදවනයක් සාදා ඇතාගේ හිස ජලය තුලට වැටීම වලක්වා වනජීවී නිලධාරීන් සමග , ඇතා මුදවාගැනීමේ ඉදිරි මෙහෙයුම් සඳහා හමුදාව කටයුතු කර තිබේ .
” භාතිය ” ගල්ගමුව , අඹන්පොල , නිකවැරටිය ප්‍රදේශවල වනාන්තර ආශ්‍රිතව ජීවත්වූ වයස අවුරුදු 30ක් පමණ වන තේජාන්විත ඇත් රජෙකු ලෙස සැළකේ .

.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *