BREAKING NEWS
Search

හරක් කටා කොළඹ ජාතික රෝහලට – ඇත්තටම හරක් කටාට මොකද වුනේ ?

1091

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ පසුවන හරක් කටා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව CT පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

උදරාබාදයක් හේතුවෙන් ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට නදුන් චින්තක නොහොත් හරක් කටා උණ රෝගී තත්ත්වයකින් ද පසුවන බවද සඳහන් වේ.

ඊයේ (04) දිනයේදී හරක් කටා මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *