BREAKING NEWS
Search

රුදුරු ජල කඳක් අමෙරිකාවට කළ අපරාධය

528

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව සිටින්නේ ගැහැණු ළමුන් 750ක් පමණ සිටි කඳවුරක සිටි ළමයි පිරිසක් බවය.

ප්‍රාන්ත ආණ්ඩුකාර ලුතිනන් ඩෑන් පැට්‍රික් පවසා සිටියේ, අතුරුදන් වූවන් සෙවීමේ දැඩි සෝදිසි මෙහෙයුම් ආපදා අංශ මගින් ආරම්භ කර ඇති බවයි.

ටෙක්සාස් ප්‍රාන්තය හරහා ගලාබසින් ග්වාඩලූප් ගඟේ ජල මට්ටම මිනිත්තු 45ක් ඇතුළත, අඩි 26ක් පමණ ඉහළයෑම මෙම ආපදා තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *