පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය මඟින් හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනෙක්ට විරුද්ධව චෝදනා සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ චෝදනා එල්ල කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායකයන් වූ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධනට විරුද්ධ
ඒ වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදු කරන බවටයි.
අඳාළ ඉඩම්වල මහ පරිමාණ ඉස්සන් හා කකුළු වගාවන් සිදුකරන බවත් එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසා ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු කියා ඇත්තේ පැවති ආණ්ඩු සමයන්හිදී මෙම ඉඩම් ගත් ආකාරය කෙසේදැයි රටට අනාවරණ කළ යුතු බවයි.
ඔහු මේ අදහස් කොළඹ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටි බව පවසයි.




















