එක එක විදිහේ ගෑණු අය හිටියා. මට කිව්වා එක්කෙනෙක් තෝරගන්න කියලා – තරුණ ජීවිතය කාලකන්නි කරගත් තරුණයා

14325

අද කතා නායකයා පසිඳු… මේ ඔහුගේ කතාව…

“මගේ පවුලේ හිටියේ අම්මයි තාත්තයි මමයි… ටික කාලෙකට කලින් තාත්තා වැටිලා එක්තැන් වුණා. පස්සෙ ගෙදර ආර්ථිකේ බලන්න වුණේ මට. සාමාන්‍ය පෙළ කරලා මම කොළඹ එනවා ගරාජ් එකක ජොබ් එකකට. මම සතුටින් එතන හිටියා…”

“මට යාලුවෙක් හිටියා. ඒ වගේම මට ගෑණු ළමයෙක් හිටියා ගමේ, එයාගේ නම සඳුනි.. සෑහෙන කාලෙකින් තමයි ගමේ යැවෙන්නෙ. අපි දෙන්නා කතා කරේ අපි දෙන්නාගේ අනාගතේ ගැන.. ඒ හැමදේම අපි සැලසුම් කළා. ගොඩක් ආදරෙන් ජීවත් වුණා…”

“දවසක් යාලුවා ඇහුවා මගෙන් හවසට සෙට් වෙමුද කියලා..? අඩියක් ගහන්න කියලා. මට ඇත්තටම තිබ්බ ප්‍රශ්න එක්ක අඩියක් ගහන්න තරම් සල්ලියක් තිබ්බේ නෑ. යාලුවා කිව්වා එයාගේ ගානේ කියලා. එදා තමයි බෝඩිමේ ඉඳන් මත්පැන් පානය කළේ. යාලුවා ඇහුවා පොඩි ගමනක් යමු කියලා. මොකද්ද ඇහුවා ස්පා කියලා කිව්වා….”

“එතැනට ගියාට පස්සෙ එක එක විදිහේ ගෑණු අය හිටියා. මට කිව්වා එක්කෙනෙක් තෝරගන්න කියලා. මම ගියාට පස්සෙ එයා මට හොඳට ට්‍රීට්මන්ට් එක දුන්නා. ට්‍රීට්මන්ට් අස්සෙත් සඳුනිගෙන් කෝල් එකක් ආවා. මම බොරු කියලා බේරුණා.. මොනා වුණත් මම සඳුනිට ගොඩක් ආදරේ කළා. මට එයාගේ ෆෝන් ආන්සර් නොකර ඉන්න බෑ..”

“ආයෙමත් දවසක මම ස්පා ගියා. එදා කරපු කෙනාමයි. එයා මගේ නොම්බර් එක ඉල්ලගත්තා. අන්තිමේ මම එයාව බෝඩිමට එක්කන් ආවා. එයා කැට කැට වගේ ඩ්‍රග්ස් වගයක් අරන් තමයි ආවේ. එයයි මායි ඒවා අරන් මත්වුණා. මත්වුණාට පස්සෙ අපි දෙන්නා ගොඩක් වෙලා ලිංගිකව එකතුවුණා. එදා තමයි පළවැනි පාරට ලිංගිකව එකතු වුනේ.. එදා තමයි මගේ ජීවිතේ වෙනස් වුණේ…”

“මම ඔය සිද්ධිය යාලුවට කිව්වා. පස්සෙ දවසක අපි තුන්දෙනාම එකට එකතු වෙලා මත්ද්‍රව්‍ය ගත්තා. ටික වෙලාවක් යද්දි අපිට අපි අමතක වුණා. දැන් ඒ දේවල් මතක් වෙද්දිත් හිතාගන්න බෑ. අපි තුන්දෙනාම එකම වෙලාවේ ලිංගිකව එකතු වුණා…”
”ඊට ටික දවසකට පස්සේ තමයි මම දැන ගත්තේ සඳුනිට සමාජ රෝගයක් හැදිලා කියලා… දෙවියනේ… මගේ තරුණ ජීවිතය”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *