BREAKING NEWS
Search

සරසවි සිසුවියට අමුතු රූප යවා බියගන්වා රියැදුරා කරන්න ගිය වැඩේ

298

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ජංගම දුරකතනයට නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන යවා තර්ජනය කළ බව කියන රියැදුරකු (2) දා අත්අඩංගුවට ගත් බව වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව, බලල්ල, අමුණුකොලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එම සිසුවිය විසින් වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

සැකකරු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් එම සිසුවියගේ ෆේස්බුක් ගිණුමට අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවා සැකකරු සමග ලිංගිකව එක්වන ලෙසත් එසේ නොකළ හොත් එම සියලු ඡායරූප සහ වීඩියෝ දර්ශන ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *