BREAKING NEWS
Search

කහවත්තේදී පොලීසිය සහ ගම්වාසීන් අතර ගැටුමක්

598

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ඝාතනය වූ බව කියන කහවත්ත ප්‍රදේශයේ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි.

එලෙස ඝාතනයට ලක්වුණේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමැත්තෙකි.

එම තරුණයාගේ අවසන් කටයුතුවලින් පසු පොලීසිය සහ ගම්වාසීන් අතර අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ, පොලිස් නිලධාරීන් 150ක පමණ පිරිසක් ගමේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පසුබිමකය.

එහිදී ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ ගම්වාසීන් පොලීසියට දෝෂාරෝපණය කරමින් ගල් මුල් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එම ප්‍රහාර හමුවේ පොලීසිය ප්‍රදේශයෙන් ඉවත්වී ඇති අතර පසුව අනු ඛණ්ඩ යොදවා ගම්වාසීන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ ගම්වාසීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවය.

මේ අතර අදාළ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයාගේ නිවසේ තිබූ ත්‍රීරෝද රථයකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බවද වාර්තා වෙයි.

ඉකුත් 30 වනදා රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී තිබුණි.

එහිදී පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.

පැහැර ගැනුණු  අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *