මීගමුවේත් වෙඩිතැබීමක් – වෙඩිතැබීමේ සිද්ධියේ CCTV දර්ශන මෙන්න

382

අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පවසා සිටියේ, මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධයකයේදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති බවය.

මෙම පොලිස් වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාලලබා රෝහල්ගතකර ඇති බව සඳහන්.

මේ අතර අද පෙරවරුවේ කඳාන පොලීසිය ඉදිරිපිටදී ද නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බව පොලීසිය සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *