බසයේ පාපුවරුවෙන් පාසල් සිසුවා ඇද වැටෙයි – තාත්තාගේ මෝටර් රථයේ ඩෑෂ් කැමරාවේ සටහන්වූ සංවේදී රූප පෙළක්…
කුරුණෑගල ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක පාපුවරුවෙන් පාසල් සිසුවෙකු ඇදවැටෙන ආකාරය සටහන් වූ වීඩියෝ පටයක් වාර්තා විය.
මෙම අනතුර පටිගත වී ඇත්තේ අනතුරට පත් වූ සිසුවාගේ පියා පැදවූ මෝටර් රථයේ ඩෑෂ් කැමරාවේය.
තම පුතුව මෝටර් රථයේ නංවාගෙන පැමිණ පියා, පුතුව පෞද්ගලික බස් රථයට නංවා ඇත්තේ ද ඔහු විසින්මය.
ඉන්පසු කෙටි දුරක් ගමන් කරන විට මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.


















