BREAKING NEWS
Search

ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කියලා දෙන්නම් අපෙනුත් උදව් ගන්න – රවී කරුණානායක

85

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේද සහයෝගය ලබා ගනිමින් ආණ්ඩුව ක්‍රියා කළහොත්, එය රටේ ආර්ථිකයට හිතකර වනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය: මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථිකය උදෙසා දැවැන්ත භූමිකාවක් ඉටු කරයි. එම ව්‍යාපාරිකයින්ට අවධානය යොමු කළ යුතුයි.

මේ වසරේ අය-වැය පසුගිය ආකාරයට නොව වෙනස් මූලධර්මයක් අනුව සකස් කර තිබේ. නිවැරදි විකල්ප සෙවීම වඩා වැදගත්ය.

අද වන විට රටේ අස්වැසුම ලක්ෂ 24ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෑතකාලීනව පවුලක් ජීවිතය ගෙවා ගැනීමට රු. 67,000 ක් අවශ්‍ය වූ අතර දැන් එය තවත් ඉහළ ගොස් ඇත. තරුණයින් අතර විශාල අසහනයක් පවතී.

ආණ්ඩුවට මගේ ඉල්ලීම වන්නේ, පුළුල් ආයෝජන සිදු කිරීමයි.

ආයෝජන අවස්ථා ව්‍යාප්ත කළ යුතුය. අප රට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට බදාගෙන ඇති බැවින්, ආර්ථිකය නැගිටවීම ඉතාමත් අවශ්‍යය.

මම කලින් කිව්වා, බිලියන 20ක් යොදලා ශ්‍රී ලන්කන් ගුවන් සේවාව නැවත ගොඩ නැංවිය නොහැකියි. එය ශක්තිමත් කළ හැක්කේ විශාල පරිමාණ ගුවන් සමාගමක් තුළට ඒක ඒකාබද්ධ කිරීමෙන් පමණි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *